Monday, November 7, 2016

හපන්කම

තම කාලෙකින් හමුවු මිතුරා සමග සුනිල් සතුටු සාමිචියේ යෙදෙන්නට විය.
''මේ මාර වැඩක් උනානේ මචං. දවසක් මන් පාරේ යනකොට හෙන ඇගපත තියන පොරක් කෙට්ටු අහිංසක මනුස්සයකුට හොදටම ගහනවා''

''ඉතින් උඔ මොනාද කලේ...'' මිතුරා විමසිය

මන් මිනිහට කෑගහල කිව්වා බං, ''මේ ඔයි ඔයවගේ අහිංසකයකුට තලන් නැතුව තමුන්ගෙ ඇගට හරියන අපි වගේ හාදයෙක් හොයා ගන්නවකො ගහගන්ඩ ඔනේනම්'' කියල

''මයි ගොඩ්..ඉට පස්සෙ මොකද වුනේ''

මචං මට ඉට පස්සෙ උන එක නම් මතකනෑ. වැඩට ගිහාම අපේ ලොක්කා,
''තමුසේ දවස් පහක් තිස්සෙ වැඩට එන්නැතුව මොන මගුලක් කලාද මිනිහො'' කියල ඇහුවනම් මතකයි.

No comments:

Post a Comment