Monday, November 7, 2016

ටියුබ් ලයිට්

ඔන්න, පෙර බරණැස බ්‍රහ්මදත්ත නම් රජකෙනෙක් දැහැමෙන් සෙමින් රාජ්‍යය
විචාරය කරන කල්හි, කැලයක සිංහයෙක් කැලේ පාලනය කලාලු. බ්‍රහ්මදත්ත
රජ්ජුරුවොයි මේ කතාවෙයි සම්බන්දෙ නම් මමගෙන් අහන්න එපා. ඉතින් මේ
සිංහයාත් නිකන් අපේ රටේ විධායක ජනාධිපති කෙනෙක් වගේ. 


ඌට හිතෙන හිතෙනවිදිහට නීති දාගෙන තමා කැළෑවැසියන්ව පාලනය කලේ. ඔහොම කාලයක්‌ යද්දී මේසිංහ රජා මුළු කැළෑවැසියන් ඔක්කොම රැස් කරලා දැම්ම අලුත් නීතියක්, හැමසතෙක්ම රාජ සභාව ඉස්සරහට ඇවිල්ල කියන්න ඕනි හිනායන කතාවක්. සභාවේ ඉන්න එකසතෙකුට හරි හිනා යන්නේ නැත්තම්, සිංහයා පැනල ඌව මරාගෙන කනවා.

ඔන්න ඉතින්මුලින්ම ආවේ වඳුරාගේ වාරේ. වඳුරත් ඉස්සරහට ඇවිල්ල කරනම් ගහල නැට්ට කරකොවලසිරා ජෝක් එකක් දැම්මලු. මුළු සභාවම හිනාවෙන්න පටන් ගත්තලු. එත් ඉබ්බාඉන්නවලු පුස් මූනක් දාගෙන. කරන්න දෙයක් නෑ නීතිය නිතියමයි සිංහය පැනලවඳුරව මරාගෙන කෑව. ඊළඟ වාරේ හාවාගේ, හාවත් ඇවිල්ල කන් පාත් කරලා බල්ටි
ගහල සිරා ජෝක් එකක් දැම්ම. කලින් වගේමයි, ඔක්කොම හිනා වෙනව ඉබ්බා පුස්මුණ දාගෙන ඉන්නව. හවාවත් ඉතින් මරාගෙන කෑව. ඊළඟ වාරේ කොටියගෙ කොටියඉස්සරහට ඇවිල්ල කට අරින්න හැදුව විතරයි, මෙන්න ඉබ්බා පෙරලි පෙරලි පොලවේපස් කකා හිනා වෙන්න ගත්ත. මේක දැක්ක සිංහයා ෆුල් අබ්ලික් වෙලා අහනවා,

මොකද යකෝ තෝ විහිලුවටත් කලින් හිනා වෙන්නේ? ඉබ්බා කිව්වලු “මරු ඕයිවඳුරාගේ ජෝක් එක”.

බලද්දී ඉබ්බා ටියුබ් ලයිට්.

No comments:

Post a Comment