විශ්‍රාම ගැනීමෙන් පසු මාස
කීපයක් කාන්සියෙන් නිවෙසටමවී ගතකළ ශාන්ති තම අසල්වැසි මිතුරියක සමග සෑම ඉරු
දිනකම කොල්ලුපිටියේ පැවැත්වූ කුකරි ක්ලාස් එකකට යන්නට පටන් ගත්තාය. සෑම
දිනකම පාහේ ඇය පන්තියේදී ඉගෙන ගත් කෑමක් පිසීමට ගොස් ඒවා පිළිස්සීමේ
හේතුවෙන් ගුරුවරියගේ දෝෂ දර්ශනයට ලක්වූවාය.
එක් සඳුදාවක සවස ශාන්තිගේ සැමියාට හන්දියේදී චාන්දනී මුණ ගැසිණ.
හරි වැඩේනේ මිස්ටර් චන්ද්‍රසිරි වුණේ. ඊයේ ශාන්තිව කුකරි ක්ලාස් එකෙන් එළියට දැම්මනේ. චාන්දනී ඇස් නටවා කියමින් දිග කතාවකට මුල පිරුවාය.
තම බිරියගේ තරාතිරම හොඳින් දත් චන්ද්‍රසිරි සිනාසී මෙසේ ඇසුවේය.
ඇයි, ඊයේ මොනවද පිච්චුවේ?
මුළු කුකරි ක්ලාස් එකම. චාන්දනී හැකි තරම් කට හරිමින් කීවාය.

No comments:
Post a Comment