Friday, November 11, 2016

සිංහයා

කාලෙකට පස්සේ යාළුවො දෙන්නෙක් මුණ ගැහුනා. එක්කෙනෙකුට නම් හොඳ රස්සාවක් ලැබිල ටිකක් සරුයි. එයා අනිත් එක්කෙනාගෙන් මෙහෙම අහනවා.

“ඉතින් රස්සාවක් කරන්න අදහසක් නැද්ද?”
“හිතට හරියන එකක් හම්බ උනේ නැහැ. හැබැයි සර්කස් එකක සිංහයෙක් පුහුණු කරන්න පොඩි චාන්ස් එකක් ආව. පඩිත් ටිකක් හොඳයි. යන්න කියල තමා බැලුවේ.”
“සිංහයෙක්?”

“ඔව් බන්.. උඹ දන්නවනේ මම කොහොමත් ඔය සත්තුන්ට කැමතියි කියල”
“සත්තු වෙනයි බන්. එත් මේ සිංහයෙක් නේ”
“සිංහයත් සතෙක් නේ බන්”
“ඉතින් උඹට බය නැද්ද?”
“බය වෙන්නේ මොකටද, සිංහයව මෙල්ල කරන්න පුළුවන් ආයුද මම අරගෙනනේ යන්නේ”
“හා අපි හිතමු උඹ සිංහයාගේ කුඩුව ඇතුලේ ඉන්න වෙලාවේ ඌ උඹව කන්න පැන්න කියල, උඹ මොකද කරන්නේ?”
“මම ඌ ට ආදරෙන් කතා කරනවා”
“බම්බුව තමයි..ඇහුවේ නෑ කියමු”
“එතකොට මගේ ළඟ තියෙන කසෙන් පාරක් ගහනවා.”
“එත් ඇහුවේ නෑ කියමු”
“මගේ ගාව තියෙන පොඩි පොල්ලෙන් පාරක් ගහනවා”
“නෑ.. උඹ මාරයි නේ.. එත් මෙල්ල උනේ නැත්තම්?”
“මම ගාව තියෙන පිස්තොලෙන් වෙඩි තියෙනවා”
“හරි අපි හිතමු පිස්තොලේ හිරවෙලා වෙඩි වැදුනේ නෑ කියල”
“එහෙම වෙන්නේ නෑ.. මම කිරිත් එක්ක සමහන් බොනවනේ”
“හරි වෙඩි තියල මෙල්ල කරගන්න බැරි උනා කියමු.. සිංහයා උඹේ පිස්තොලේ විසි වෙන්න පාරක් ගහනවා.”
“එතකොටනම් පුතෝ කකුල් දෙකට වැඳලා දුවන්න තමයි තියෙන්නේ.”
“කොහේ දුවල බේරෙන්නද. උඹ කුඩුව ඇතුලේ නේ ඉන්නේ. දොර ඇරගන්න ටිකක් වෙලා යනවනේ.”

“ඔව්නේ.. එහෙනම් මම කරන්නේ සිංහයා දාපු බෙට්ටක් අරගෙන උගේ ඇස් දෙකට ගහනවා. ඌ පෙන්නේ නැතුව පිස්සු නටන වෙලාවේ මම ටක් ගාල දොර අරගෙන පනිනවා”
“හොඳයි උඹේ කරුමෙට සිංහයා බෙටි ගහල නෑ කියමු. එතකොට මොකෝ කරන්නේ?”
“ඔන්න උඹට වැරදුනු තැන. තත්වේ ඔය තරම් දරුණු තැනකට ආවට පස්සේ ගූ ටිකක් හොයා ගන්න එච්චර අමාරු වෙයි කියලාද උඹ හිතාගෙන ඉන්නේ...... “

No comments:

Post a Comment