Friday, November 11, 2016

කීකරු තාත්තා

දවසක් අපේ සෝමේ අය්යට ලොතරයකින් සෙල්ලම් බඩුවක් හම්බ උනාලු...

හැබෙය් සෝමේ අය්යට ලමය් පස් දෙනෙක්ම ඉන්නවා නොවේ...
දැන් සෝමේ කල්පනා කරාලු මේ සෙල්ලම් බඩුව කාටද දෙන්නේ කියල..


සෝමෙට පොඩි අදහසක් ආවලු..

ඉතින් සෝමේ අය්යා තමන්ගේ ලමය් පස් දෙනාවම එන්න කියලා කිව්වලු...
''මට අද සෙල්ලම් බඩුවක් හම්බුනා.. මම මේක වඩාත්ම කීකරු එක්කනාට තමය් දෙන්නේ...
''හරි දැන් කියන්න බලන්න වඩාත්ම කීකරු ළමය මෙතන කව්ද කියල ??''

පොඩි උන් ටික අහසය් පොලවය් බලනවලු..

 එකෙන් ලොකුම එක ඇහුවලු..

''තාත්ත කීකරු කියල අදහස් කරන්නේ මොනවගේ දේකටද ??'' කියල...
ටිකක් කල්පනා කරලා සෝමේ කිව්වලු.. ''හරි අපි මෙහම කියමුකෝ.... ඔයගොල්ලන්ගේ අම්ම කියන දේවල් අහගෙන අම්මට කවදාවත් පිටුපාන්නේ නැතිව එය කියන දේවල් ඒ විදිහටම කරගෙන ඉන්න එක්කෙනාට තමය් මේ සෙල්ලම් බඩුව අය්තිවෙන්නේ'' කියල...

මේක අහපු සොමේගේ ලමය් පස් දෙනා එකපාරටම කිව්වලු
'' එහෙනම් තාත්තේ ඒ සෙල්ලම් බඩුව ඔයාට තමය් අය්ති වෙන්නේ'' කියල...

No comments:

Post a Comment