Tuesday, August 27, 2019

ඩ්‍රැකියුලා අපායේ ගිහින්

ඩ්‍රැකියුලා මලාට පස්සේ අපායේ ගියාලු. කොහොමහරි ඩ්‍රැකියුලාට වරයක් තිබ්බලු තමන්ට ඊලඟට ඉපදෙන ආත්මය කොහොම එකක් වෙන්න ඕනද කියලා තීරණය කරන්න පුලුවන් වෙන.

දැන් යම රජතුමා ඩ්‍රැකියුලාගෙන් අහනවා "තමන් ඊලඟ ආත්මේ කවුරු වෙන්නද කැමති? කියලා

"මෙහෙමයි යම රජ තුමනි,
මම් සුදුම සුදු වෙන්න ඕනේ !!!
මට ගොඩා...ක් ලේ බොන්න ඕනේ. !!
ඒවගේම,
ගෑනු ළමයින්ට මාව නැතුවම බැරි වෙන්න ඕනේ කියලා ඩ්‍රැකියුලා තුමා යමරජතුමාට කිව්වා.

"ඔබේ ඉල්ලීම ඒ අයුරින්ම ඉටු වේ !!!" කියලා ඩ්‍රැකියුලාව සනීපාරස්සක තුවායක් කලා ලූ !!

අරගන්න.. ඇඳගන්න .. ජය ගන්න....දවසටම එකයි......පෙරෙන්නෑ.. ඇලෙනෑ....ආ...ඊයා....ඊයා... නැ ඊවා....

Friday, August 16, 2019

අගමැති හා චෙක්පත

මෙරට අගමැතිවරයා ඔහුට ලැබුණ චෙක්පතක් රැගෙන ප්‍රධාන රාජ්‍ය බැංකුවකට ඇතුළු වුයේ එය මුදල් කරගැනීමට ය. ඔහු ඉතා නිහතමානීව පෝලිමේ සිටියේ තම වාරය එනතුරු ය. ටික වෙලාවකට පසු ඔහු කවුන්ටරය වෙත ලඟා වී ඔහු අත තිබු චෙක්පත ඉදිරිපත් කළේය. 
 
අගමැති : "මට කරුණාකරලා මේ චෙක්පත මාරු කරලා දෙන්න පුලුවන් ද ?"
 
කැෂියර්වරිය: " මට කරුණාකරලා සර් ගේ හැඳුනුම්පත දෙන්න" 
 
අගමැති : "ඇත්තටම මට මගේ හැඳුනුම්පත ගෙන්න බැරි වුණා..ඒත් මම 

හිතන්නේ නෑ හැඳුනුම්පත ඕන වෙයි කියල..මාව හැමෝම දන්නවා...මම රනිල් වික්‍රමසිංහ..මේ රටේ අගමැති" 
 
කැෂියර්වරිය: "මම සර් කවුද කියලා දන්නවා...එත් බැංකු නීති සහ රෙගුලාසි අනුව හැඳුනුම්පත ඉදිරිපත් කරන්න ඕන."
 
අගමැති : " බැංකුවේ ඕනෑම කෙනෙක්ගෙන් අහන්න මම කවුද කියලා...හැමෝම මාව දන්නවා"
 
කැෂියර්වරිය: " සමාවෙන්න අගමැතිතුමා, මම බැංකු රෙගුලාසි අනුගමනය කරන්න ඕන"
 
අගමැති : " මම ඔයාට කියන්නේ කරුණාකරල මේ චෙක්පත මාරු කරලා සල්ලි දෙන්න! "
 
කැෂියර්වරිය: " සර් මේ අහන්න...දවසක් වික්ටර් රත්නායක මහත්තයා ආවා හැඳුනුම්පත නැතුව චෙක් එකක් මාරු කරන්න..අපි බෑ කිව්වා..ඊට පස්සේ එයා තොටුපල අයිනේ ගීතය ලස්සනට ගායනා කරලා පෙන්නුව ..ඒක ගායනා කරපු විදියෙන් අපි අඳුන ගත්තා ඒ වික්ටර් රත්නායකමයි කියල..ඊට පස්සේ අපි චෙක්පත මාරු කරලා එයාට සල්ලි දුන්නා..තව දවසක් අනුර කුමාර දිසානායක මහත්තයා ආවා හැඳුනුම්පත නැතුව චෙක් එකක් මාරු කරන්න..අපි බෑ කිව්වා..ඊට පස්සේ එයා කට උල් කරලා ඇස් ලොකු කරලා "මහින්ද හොරා" කියලා තුන් පාරක් කිව්වා..ඒ කියපු විදියෙන් අපි දැන ගත්තා ඒ අනුර කුමාර දිසානායකමයි කියලා..ඊට පස්සේ අපි චෙක්පත මාරු කරලා එයාට සල්ලි දුන්නා...සර්ටත් ඒ වගේ මොනවා හරි කරලා ඔප්පු කරන්න පුලුවන් ද ඔබතුමා තමයි අගමැති කියලා ? "
 
(අගමැතිතුමා දිගු කල්පනාවකට වැටී පසුව කටහඬ අවධි කළේය)
 
අගමැති : "ඇත්තටම මගේ ඔලුවට කිසිදෙයක් එන්නේ නෑ ..මට කරන්න පුළුවන් එක දෙයක් ගැනවත් හිතාගන්න බෑ"
 
කැෂියර්වරිය: " සර්ට ඕන 1000 නෝට්ටුවලින් ද 5000 නෝට්ටුවලින් ද ? "

Thursday, August 8, 2019

පන් හක

එක ගමක සිටි ගමරාළ කෙනෙක් පන් ගාලක තිබී හකක් (හක්ගෙඩියක්) හමුවිය. මේ පන් ගාලේ තිබු හක රැගෙන ඔහු ගියේ ගම්මුලාදෑනිය බැහැ දකින්නටය.

ගමයා: හාමුදුරුවනේ මට මේ පන් ගාලේ තිබිලා හකක් හම්බුවුනා

මුලාදෑනියා: මොනවා පන් හකක්? ගනින් බලන්න? (ගමය හක පායි). හැබෑ නේන්නම්, මෙක පන් හකක්නෙ?”

ගමයා: මේක කොහොමෙයි එන්න ඇත්තෙ?”

මුලාදෑනියා: මේ හක පා වෙල එන්න ඇති මයෙ හිතේ. ඒක නෙමෙයි බොල ගෙරියා, තොට මුලෑදෑනිය මතක් වෙන්නේ මේ වෙලාවට විතරයි නේද බොල?”

ගමයා: අනේ නෑ හාමුදුරුවනේ ගොවිතැන් හින්දා එන්න බැරිවුනා. මම මොකැයි කරන්න ඕන?”

මුලාදෑනියා: (මඳක් කල්පනා කර ) දැන් මේ හක අරන් ගෙදර පල. තොගෙ ගෑනිට කියාපිය හක පුරෝගෙන මෙහාට එන්න කියල. එතකොට මම හකෙන් පතක් දීල එවන්නම්

නවත්තන්න එපා

ඕන් යෝජිත විවාහයකින් කොල්ලෙකුයි කෙල්ලෙකුයි සෙට් උනාලු.

ආදිම කාලේ වගේම නෙමෙයි නේ දැන්, මගුල් කතා කරලා තීන්දු කර ගත්තයින් පස්සෙ, කෙල්ලටයි කොල්ලටයි පොඩ්ඩක් එලියට පහලියට යන්න පුළුවන්. මොකෝ දැන් මඟුල් ගෙයක් ගන්නවා කියන්නෙත් වෙනම කෝස් එකක්නේ. කීයක් කියලා දේවලට යන්න තියෙනවද. කෙල්ලත් ඉටි කිරිස් කෑල්ලලු, මේක දැකපු වෙලාවේ ඉඳලා කොල්ලගේ මෙව්වා එකත් මෙව්වා වෙලා, කොයි වෙලාවෙද මේකේ පහස ලබන්නේ කියලා, පෙරුම් පුරාගෙනලු ඉන්නේ. ඔය කොල්ලන්ගේ ඇස්වලින් ශුක්‍රාණු එන එක අච්චිලට හොඳට පේනවා. ඒ නිසා ආච්චි කෙල්ලව කාමරේට කතා කරගෙන, පොඩි අවවාදයක් දුන්නලු.

මට නම් පේන්නේ හිච්චි දුවේ, කොලුවා හරි විසේ තියෙන එකෙක් වගෙයි. දන්නවනේ අද කාලේ ඉන්න උන්නෙ හැටි. පත්තරවල තියෙන ඒවත් ඔහේ දැකලා නැතුවෙයි. ඔය කොල්ලෝ මහා එපා කරපු උන්. බඳින්න කලින් අරෙහෙ මෙහෙ ගියාට පරෙස්සමෙන්, මොකෝ මේ ගම් වල උන් බලාගෙන ඉන්නේ මොකක් හරි එකක් අහුලන් කැළෑ පත්තර ගහන්න.. ඒ නිසා බොහෝම පරෙස්සමෙන් පුතේ.... අපේ පවුල් වල නම්බුව රකින්න එපාය අපි....

ඔය ඉළංදාරි විශ්වාස කොරන්න බැරි උන්... ඕකුන් ඉස්සෙල්ලම කරන්නෙ ඉඹින්න එන එක.. එක පාරටම දමලා ගහනවා වගේ නොකියා.. "අනේ...!" කියලා අකමැති බව පෙන්නහන්..

ඊට පස්සෙ උන් බලන්නෙම පපුව දිහා.. ආයෙ දෙකක් නෑ "කුක්කු තන්" මිරිකනවමයි.. ඒවට ආවොත් හෙම කෙලින්ම කියහන්... "එපා....!" කියලා..

ඕකුන් එහෙම කිව්වයි කියලා පරාජේ බාර ගන්නෙ නෑ.. ඊළඟට කරන්නේ අනිවාර්යයෙන් "චූවා" අල්ලලා උඹව පෙරලගන්න එක.. ඊට පස්සෙ වෙන දේ මම කියන්නෙ අහවල් එකටෙයි.. ඒ නිසා කෑ ගහලම කියහන් "නවත්තන...." කියලා..

කියාපු ටික හොඳින් මතක තියාගනින් හිච්චි දුවේ.. මතකනේ... "අනේ...!, එපා....!!, නවත්තන්න...!!!"

අනේ ඉතින්, ගියාටත් වඩා තවත් ලස්සනට ආවලු අපේ කෙලි පොඩ්ඩ.. වෙලාවක් එනකන් බලා හිටපු ආච්චි, කෙල්ලව කාමරේට කතා කරගෙන අහනවලු ඕපේ....

"මම කියාපුවේ හරිය දුවේ...? මේ ඉළංදාරියත් ඒ ජාතියෙම නේද...? කොහෙද ගියේ..? මෙච්චර පරක්කු උනේ...? මම කියපු විදියටම කරා නේද.... මයෙ සත්තරන් කෙල්ල...?"

කියාපු ගමන් මූනට පොඩි අප්ෂට් මේකප් එකක් දාගත්ත කෙල්ල කියනවලු..

"හරි වැඩේ නේ ආච්චි උනේ.. ආච්චි කියපු විදියට නෙමේනේ...... මේ යකා එක පාරටම ඔක්කෝම කලානේ...."

ඉතින්... ඉතින්... උඹ මොකෑ කලේ...? මම කියපු දේ කලේ නැතෙයි...?

මොකෑ නැත්තේ මම කෑ ගහලම කිව්වා..

"අනේ.... නවත්තන්න එපා.....!!! කියලා...."

ආච්චි කලාන්ත විය...

ප්‍රින්සිපල්

අපේ ගෙවල් ගාව ඉන්නවා විස්‍රාම ගිය ප්‍රින්සිපල් කෙනෙක්,
දවසක් අපි දෙන්න ගියා පොඩි පාටි 1කට
බොසා හොන්දටම බිව්වා.
බිව්වහම පොර මාර ඈනයක්
බීල ඉවර වෙලා මෙකා කියපි බයික් 1 එලවන්න ඔනෙ කියල
මට දෙලෝ රත් උනා, මොකද බීලා බයික් එලවලා මාට්ටු උනොත් කපෝතිනෙ.
පුලුවන් විදිහට කිව්වා, එත් ඈහුවෙ නෑ, බෑරිම තෑන බයික් 1 යතුර දිල, දේයියන් බුදුන් සිහිකරගෙන මම පිටිපස්සෙන් වාඩිඋනා........ (මේකා ගාව කිසිම document 1k නෑ )

දෙයියනේ කියලා 5 kmවිතර යද්දි පොලොසියෙ මහත්තුරු 2න්නෙක් පාරට පෑනල අතදාපි....
සර් වෑඩ්ඩා වගේ ගියා එතෙන්ට,,,,,,,
මමත් රාත්ත්‍රිය පොලිසියෙ ගත කරන හෑටි මතක් කරමින් සර්ගෙ හත්මුතු පරම්පරාවම මතක් කර කර සර්ගෙ පස්සෙන් ගියා....

පොලිස් - මහත්තයලා මේ රෑ කොහෙද ගියෙ?
සර් - අනේ සර් අපේ කලපෙ හු**ගෙ ප්‍රින්සිපල්ලා මට එන්න කියලා අරක්කු පෙව්වනෙ
පොලිස් - මහත්තයා කව්ද?
සර් - මම ...... ඉස්කොලේ හිටපු ප්‍රින්සිපල් නෙ
පොලිස් - සර් කෙනෙක් ඔහොම හෑසිරෙනවද? ගන්නවා බලන්න ලයිසන් 1?
සර් - ලයිසන් 1 නෑනෙ..... (සර් දෙකට නෑමිල උත්තර දෙනවා)
පොලිස් - ගන්නවා බලන්න අයිඩින්ටි කාඩ් 1?
සර් - අයිඩින්ටි කාඩ් 1ත් නෑනෙ...... (ආයෙත් දෙකට නෑමිලා )
පොලිස් - ඔයගේ ලයිසන් 1ත් නෑ, අයිඩින්ටි කාඩ් 1ත් නෑ, අරක්කුත් බීලා, තමුසෙට අපි මොකඩ කරන්න ඔනෙ.....
සර් - (මේ පර 4ට විතර නෑමිලා පොලිස් කාරයාගෙ කනට කරලා කියපි ) ඔන්න ඔහෙ අපිව ටිකක් බයකරලා යවන්න ....

වැඩිම සැප

එක දවසක් කොල්ලෙක් තරු හතේ හෝටලේක තිබ්බ උත්සවයකට ගිහින් හදිස්සියෙම අංක දෙකේ වැඩේට වැසිකිලියට යන්න සිද්ද වුනා.. දන්නවනේ බොකක් කියල..ඉතින් පොර හදිස්සියට ගිහින් තියෙන්නෙ ලේඩිස් වොෂ් රූම් එකට..

දැන් ඉතින් ගියානෙ කරන්න දෙයක් නෑ පොර කොහොම හරි වැඩේ කරල බලන කොට හෝදන්න කරන්න කිසි දෙයක් නෑලු අඩුම ගානෙ ටොයිලට් පේපර් කෑල්ලක්වත් නෑලු..

ඉතින් මූ වටපිට බලනකොට පොඩි ස්විච් හතරක් තියෙනවලු..WW / WA / PP / APR කියල ඕවගෙ අකුරු කොටල තිබ්බලු..

ඉතින් පොර නිකමට වගේ සැකේට WW එක ඔබල බැලුවලු..ෂා පට්ට ආතල් රොබෝ අතක් වගේ එකක් ඇවිත් උනුවතුර පාරක් අල්ලනවලු පස්ස පැත්තට පොර හොදට හෝදල දැම්මලු..

ඊට පස්සෙ පොර ආයෙත් මොකද වෙන්නෙ කියල බලන්න එක්ක WA එකත් ඔබල බැලුවලු..ඒක එබුවට පස්සෙත් රොබෝ අතක් වගේ එකක් ඇවිත් උනුසුම් වායු දහරාවක් ඇල්ලුවලු..පස්ස හොඳට වේලල දුන්නලු..අර හෙයා ඩ්‍රයර් එකෙන් වගේ හරිය..

මීට පස්සෙ පොර ආයෙත් PP කියන ස්විච් එකත් ඔබල බැලුව..එතකොට පොඩි පවුඩර් මලක් වගේ එකක් ඇවිත් හොඳ පවුඩර් පන්ච් එකක් දුන්න..ඒකත් මාරම ආතල්ලු..

මේකත් ඉවර වුනහම පොරට හිතුනලු මේ තුනටම වඩා සැපක් අනිවාර්යයෙන්ම හතර වෙනි එකෙන් හම්බවෙයි කියල.. APR එකත් එබුවලු.. එබුවට පස්සෙ පොරට පොඩි වේදනාවක් වගේ දැනුනලු..

ඇහැරෙන කොට හිටියෙ ඉස්පිරිතාලෙ ඇඳක් උඩලු..පොරට හිතා ගන්නවත් බෑලු වෙලා තියෙන දේට..ඉතින් මූ ඉස්පිරිතාලෙ නර්ස් කෙනෙක්ට ඇත්ත විස්තරේ කියල ඇහුව දැන් මොනවද වෙලා තියෙන්නෙ කියල..

නර්ස් මෙහෙම කියනව "ඔයා ඔබල තියෙන්නෙ වැරදි ස්විච් එකක් APR කියන්නෙ Automatic Pad Remover කියන එකනෙ රොබෝ ගානට තැනට ගිහින් අහුවෙන එක අරන් දාල.. රොබෝට අහුවෙලා තියෙන්නෙ ඔයාගෙ බෝල දෙක.. ඉතින් රොබෝ ඔයාගෙ බෝල දෙක ගලවල අරගෙන.. දැන් ඉතින් කරන්න දෙයක් නෑ.."

වෙලාව හොඳයි

ඡයවීර තමාගේ රථය නගරය දෙසට පදවමින් සිටියදී
හදිසියේම මිනිසෙකු හැපුනි..
ඡයවීර අනතුරට පත් පුද්ගලයාව සනසවමින් මෙසේ කීය...

ඡයවීර : මොනව වුනත් තමුසෙගේ වෙලාව හොඳයි...
මිනිසා : ඒ මොකද...?
ඡයවීර : තමුසේ මගේ වාහනයට හැප්පුනේ හරියටම
දොස්තර මහත්තයගේ ගෙදර ලගඳී...
මිනිසා : මම තමයි ඕයි....... දොස්තර

Wednesday, August 7, 2019

යක්ෂණියක්

එය දික්කසාද නඩුවකි. පැමිණිලිකරු තම ඉල්ලීම විනිශ්චයකාරතුමා හමුවේ ඉදිරිපත් කරමින් සිටියේය.
‘මට බෑ හාමුදුරුවනේ තවදුරටත් මේ ගෑනිත් එක්ක පවුල් කන්ඩ. මේ ගෑනි යක්ෂණියක්. මගේ අතින් පොඩි අත්වැරැද්දක් වුණු ගමන් මේ ගෑනි ගෙයි තියෙන බඩු මුට්ටුවලින් දමලා ගහනවා. සපත්තු, සෙරෙප්පු, හට්ටි මුට්ටි, වළන් පිඟන්... අතට අහුවෙන ඕනැම දේකින් දමලා ගහනවා. ඒ හින්දා මට ඕනෙ මේ ගෑනිගෙන් දික්කසාද වෙන්ඩ.’ බැඳපු දා ඉඳලා අවුරුදු 15 ක් ම ඔය ගෑනි ඔහොමමයි හාමුදුරුවනේ.’


ඔහුගේ දුක්ගැනවිල්ලට සාවධානව ඇහුම්කන් දී සිටි විනිසුරුවරයා මෙසේ ඇසීය.

‘ඉතින් අවුරුදු 15 ක් තම බිරිඳගේ ...... ඉවසාගෙන ඉඳලා තමා මොකද මේ හදිස්සියෙම දික්කසාද වෙන්ඩ හිතු වේ?’

‘මෙච්චර කාලෙකට ඔය ගෑනි ගහපු දේවල් මට වැදුණේ නෑ හාමුදුරුවනේ. ඒත් මේ ළඟකදි ඉඳලා එයාගෙ ඉලක්කේ හරියටම හරි යනවා.’ ඔහු හැඬුම් ස්වරයෙන් පිළිතුරු දුන්නේය.