Friday, November 11, 2016

ඇත්ත කතාව

ප්‍රරකට එෆ්.එම්. ආයතනයක නිවේදිකාවක් වූ මනෝරි හිමිදිරි පාන්දර සේවය සඳහා ගොස් නැවත නිවෙසට එන්නේ හවස් යාමයේ ය.

ඇය නිවසේ නොමැති කාල සීමාව තුළදී ඇගේ දරු දෙදෙනාට කවා පොවා හොඳින් රැක බලාගන්නේ ඇගේ මෑණියන් වන චන්ද්‍රාය.

“ආච්චි අම්මේ, ඔන්න අද අපිට ලස්සන කතාවක් කියල දෙන්න ඕනෙ” මනෝරිගේ දරුවන් දෙදෙනා දිනක් දහවල චන්ද්‍රා වෙත දිව අවුත් කීවෝ ය.


“මං අද ඔය දෙන්නට හුඟාක් ලස්සන කතන්දරයක් කියල දෙන්නංකො. ඔන්න පුතේ දිව්‍ය ලෝකෙ ඉන්න ලස්සන සුරංගනාවියක්, බෝනික්කො වගෙ ලස්සන චූටි ළමයි දිව්‍ය ලෝකෙන් ගෙනල්ලා ඒ ගොල්ලන්ගෙ අම්මලා ළඟින් තියලා යනවා.


දැන්... ඔය පුතාලා දෙන්නත් ඔය ගොල්ලන්ගෙ අම්මට ගෙනත් දුන්නෙ ඒ සුරංගනාවි තමයි.” චන්ද්‍රා කවියක් කියන්නාක් මෙන් ඇද පැද දිග සුරංගනා කතාවකට මුල පිරුවා ය.

“අයියෙ මේ... අපි ආච්චි අම්මට ඕකෙ ඇත්ත කතාව කියල දෙමු ද?” බාල සොයුරා, තම අයියාගේ කනට කොට හෙමින් ඇසුවේ ය.

No comments:

Post a Comment