Tuesday, August 27, 2019

ඩ්‍රැකියුලා අපායේ ගිහින්

ඩ්‍රැකියුලා මලාට පස්සේ අපායේ ගියාලු. කොහොමහරි ඩ්‍රැකියුලාට වරයක් තිබ්බලු තමන්ට ඊලඟට ඉපදෙන ආත්මය කොහොම එකක් වෙන්න ඕනද කියලා තීරණය කරන්න පුලුවන් වෙන.

දැන් යම රජතුමා ඩ්‍රැකියුලාගෙන් අහනවා "තමන් ඊලඟ ආත්මේ කවුරු වෙන්නද කැමති? කියලා

"මෙහෙමයි යම රජ තුමනි,
මම් සුදුම සුදු වෙන්න ඕනේ !!!
මට ගොඩා...ක් ලේ බොන්න ඕනේ. !!
ඒවගේම,
ගෑනු ළමයින්ට මාව නැතුවම බැරි වෙන්න ඕනේ කියලා ඩ්‍රැකියුලා තුමා යමරජතුමාට කිව්වා.

"ඔබේ ඉල්ලීම ඒ අයුරින්ම ඉටු වේ !!!" කියලා ඩ්‍රැකියුලාව සනීපාරස්සක තුවායක් කලා ලූ !!

අරගන්න.. ඇඳගන්න .. ජය ගන්න....දවසටම එකයි......පෙරෙන්නෑ.. ඇලෙනෑ....ආ...ඊයා....ඊයා... නැ ඊවා....

Friday, August 16, 2019

අගමැති හා චෙක්පත

මෙරට අගමැතිවරයා ඔහුට ලැබුණ චෙක්පතක් රැගෙන ප්‍රධාන රාජ්‍ය බැංකුවකට ඇතුළු වුයේ එය මුදල් කරගැනීමට ය. ඔහු ඉතා නිහතමානීව පෝලිමේ සිටියේ තම වාරය එනතුරු ය. ටික වෙලාවකට පසු ඔහු කවුන්ටරය වෙත ලඟා වී ඔහු අත තිබු චෙක්පත ඉදිරිපත් කළේය. 
 
අගමැති : "මට කරුණාකරලා මේ චෙක්පත මාරු කරලා දෙන්න පුලුවන් ද ?"
 
කැෂියර්වරිය: " මට කරුණාකරලා සර් ගේ හැඳුනුම්පත දෙන්න" 
 
අගමැති : "ඇත්තටම මට මගේ හැඳුනුම්පත ගෙන්න බැරි වුණා..ඒත් මම 

හිතන්නේ නෑ හැඳුනුම්පත ඕන වෙයි කියල..මාව හැමෝම දන්නවා...මම රනිල් වික්‍රමසිංහ..මේ රටේ අගමැති" 
 
කැෂියර්වරිය: "මම සර් කවුද කියලා දන්නවා...එත් බැංකු නීති සහ රෙගුලාසි අනුව හැඳුනුම්පත ඉදිරිපත් කරන්න ඕන."
 
අගමැති : " බැංකුවේ ඕනෑම කෙනෙක්ගෙන් අහන්න මම කවුද කියලා...හැමෝම මාව දන්නවා"
 
කැෂියර්වරිය: " සමාවෙන්න අගමැතිතුමා, මම බැංකු රෙගුලාසි අනුගමනය කරන්න ඕන"
 
අගමැති : " මම ඔයාට කියන්නේ කරුණාකරල මේ චෙක්පත මාරු කරලා සල්ලි දෙන්න! "
 
කැෂියර්වරිය: " සර් මේ අහන්න...දවසක් වික්ටර් රත්නායක මහත්තයා ආවා හැඳුනුම්පත නැතුව චෙක් එකක් මාරු කරන්න..අපි බෑ කිව්වා..ඊට පස්සේ එයා තොටුපල අයිනේ ගීතය ලස්සනට ගායනා කරලා පෙන්නුව ..ඒක ගායනා කරපු විදියෙන් අපි අඳුන ගත්තා ඒ වික්ටර් රත්නායකමයි කියල..ඊට පස්සේ අපි චෙක්පත මාරු කරලා එයාට සල්ලි දුන්නා..තව දවසක් අනුර කුමාර දිසානායක මහත්තයා ආවා හැඳුනුම්පත නැතුව චෙක් එකක් මාරු කරන්න..අපි බෑ කිව්වා..ඊට පස්සේ එයා කට උල් කරලා ඇස් ලොකු කරලා "මහින්ද හොරා" කියලා තුන් පාරක් කිව්වා..ඒ කියපු විදියෙන් අපි දැන ගත්තා ඒ අනුර කුමාර දිසානායකමයි කියලා..ඊට පස්සේ අපි චෙක්පත මාරු කරලා එයාට සල්ලි දුන්නා...සර්ටත් ඒ වගේ මොනවා හරි කරලා ඔප්පු කරන්න පුලුවන් ද ඔබතුමා තමයි අගමැති කියලා ? "
 
(අගමැතිතුමා දිගු කල්පනාවකට වැටී පසුව කටහඬ අවධි කළේය)
 
අගමැති : "ඇත්තටම මගේ ඔලුවට කිසිදෙයක් එන්නේ නෑ ..මට කරන්න පුළුවන් එක දෙයක් ගැනවත් හිතාගන්න බෑ"
 
කැෂියර්වරිය: " සර්ට ඕන 1000 නෝට්ටුවලින් ද 5000 නෝට්ටුවලින් ද ? "

Thursday, August 8, 2019

පන් හක

එක ගමක සිටි ගමරාළ කෙනෙක් පන් ගාලක තිබී හකක් (හක්ගෙඩියක්) හමුවිය. මේ පන් ගාලේ තිබු හක රැගෙන ඔහු ගියේ ගම්මුලාදෑනිය බැහැ දකින්නටය.

ගමයා: හාමුදුරුවනේ මට මේ පන් ගාලේ තිබිලා හකක් හම්බුවුනා

මුලාදෑනියා: මොනවා පන් හකක්? ගනින් බලන්න? (ගමය හක පායි). හැබෑ නේන්නම්, මෙක පන් හකක්නෙ?”

ගමයා: මේක කොහොමෙයි එන්න ඇත්තෙ?”

මුලාදෑනියා: මේ හක පා වෙල එන්න ඇති මයෙ හිතේ. ඒක නෙමෙයි බොල ගෙරියා, තොට මුලෑදෑනිය මතක් වෙන්නේ මේ වෙලාවට විතරයි නේද බොල?”

ගමයා: අනේ නෑ හාමුදුරුවනේ ගොවිතැන් හින්දා එන්න බැරිවුනා. මම මොකැයි කරන්න ඕන?”

මුලාදෑනියා: (මඳක් කල්පනා කර ) දැන් මේ හක අරන් ගෙදර පල. තොගෙ ගෑනිට කියාපිය හක පුරෝගෙන මෙහාට එන්න කියල. එතකොට මම හකෙන් පතක් දීල එවන්නම්

නවත්තන්න එපා

ඕන් යෝජිත විවාහයකින් කොල්ලෙකුයි කෙල්ලෙකුයි සෙට් උනාලු.

ආදිම කාලේ වගේම නෙමෙයි නේ දැන්, මගුල් කතා කරලා තීන්දු කර ගත්තයින් පස්සෙ, කෙල්ලටයි කොල්ලටයි පොඩ්ඩක් එලියට පහලියට යන්න පුළුවන්. මොකෝ දැන් මඟුල් ගෙයක් ගන්නවා කියන්නෙත් වෙනම කෝස් එකක්නේ. කීයක් කියලා දේවලට යන්න තියෙනවද. කෙල්ලත් ඉටි කිරිස් කෑල්ලලු, මේක දැකපු වෙලාවේ ඉඳලා කොල්ලගේ මෙව්වා එකත් මෙව්වා වෙලා, කොයි වෙලාවෙද මේකේ පහස ලබන්නේ කියලා, පෙරුම් පුරාගෙනලු ඉන්නේ. ඔය කොල්ලන්ගේ ඇස්වලින් ශුක්‍රාණු එන එක අච්චිලට හොඳට පේනවා. ඒ නිසා ආච්චි කෙල්ලව කාමරේට කතා කරගෙන, පොඩි අවවාදයක් දුන්නලු.

මට නම් පේන්නේ හිච්චි දුවේ, කොලුවා හරි විසේ තියෙන එකෙක් වගෙයි. දන්නවනේ අද කාලේ ඉන්න උන්නෙ හැටි. පත්තරවල තියෙන ඒවත් ඔහේ දැකලා නැතුවෙයි. ඔය කොල්ලෝ මහා එපා කරපු උන්. බඳින්න කලින් අරෙහෙ මෙහෙ ගියාට පරෙස්සමෙන්, මොකෝ මේ ගම් වල උන් බලාගෙන ඉන්නේ මොකක් හරි එකක් අහුලන් කැළෑ පත්තර ගහන්න.. ඒ නිසා බොහෝම පරෙස්සමෙන් පුතේ.... අපේ පවුල් වල නම්බුව රකින්න එපාය අපි....

ඔය ඉළංදාරි විශ්වාස කොරන්න බැරි උන්... ඕකුන් ඉස්සෙල්ලම කරන්නෙ ඉඹින්න එන එක.. එක පාරටම දමලා ගහනවා වගේ නොකියා.. "අනේ...!" කියලා අකමැති බව පෙන්නහන්..

ඊට පස්සෙ උන් බලන්නෙම පපුව දිහා.. ආයෙ දෙකක් නෑ "කුක්කු තන්" මිරිකනවමයි.. ඒවට ආවොත් හෙම කෙලින්ම කියහන්... "එපා....!" කියලා..

ඕකුන් එහෙම කිව්වයි කියලා පරාජේ බාර ගන්නෙ නෑ.. ඊළඟට කරන්නේ අනිවාර්යයෙන් "චූවා" අල්ලලා උඹව පෙරලගන්න එක.. ඊට පස්සෙ වෙන දේ මම කියන්නෙ අහවල් එකටෙයි.. ඒ නිසා කෑ ගහලම කියහන් "නවත්තන...." කියලා..

කියාපු ටික හොඳින් මතක තියාගනින් හිච්චි දුවේ.. මතකනේ... "අනේ...!, එපා....!!, නවත්තන්න...!!!"

අනේ ඉතින්, ගියාටත් වඩා තවත් ලස්සනට ආවලු අපේ කෙලි පොඩ්ඩ.. වෙලාවක් එනකන් බලා හිටපු ආච්චි, කෙල්ලව කාමරේට කතා කරගෙන අහනවලු ඕපේ....

"මම කියාපුවේ හරිය දුවේ...? මේ ඉළංදාරියත් ඒ ජාතියෙම නේද...? කොහෙද ගියේ..? මෙච්චර පරක්කු උනේ...? මම කියපු විදියටම කරා නේද.... මයෙ සත්තරන් කෙල්ල...?"

කියාපු ගමන් මූනට පොඩි අප්ෂට් මේකප් එකක් දාගත්ත කෙල්ල කියනවලු..

"හරි වැඩේ නේ ආච්චි උනේ.. ආච්චි කියපු විදියට නෙමේනේ...... මේ යකා එක පාරටම ඔක්කෝම කලානේ...."

ඉතින්... ඉතින්... උඹ මොකෑ කලේ...? මම කියපු දේ කලේ නැතෙයි...?

මොකෑ නැත්තේ මම කෑ ගහලම කිව්වා..

"අනේ.... නවත්තන්න එපා.....!!! කියලා...."

ආච්චි කලාන්ත විය...

ප්‍රින්සිපල්

අපේ ගෙවල් ගාව ඉන්නවා විස්‍රාම ගිය ප්‍රින්සිපල් කෙනෙක්,
දවසක් අපි දෙන්න ගියා පොඩි පාටි 1කට
බොසා හොන්දටම බිව්වා.
බිව්වහම පොර මාර ඈනයක්
බීල ඉවර වෙලා මෙකා කියපි බයික් 1 එලවන්න ඔනෙ කියල
මට දෙලෝ රත් උනා, මොකද බීලා බයික් එලවලා මාට්ටු උනොත් කපෝතිනෙ.
පුලුවන් විදිහට කිව්වා, එත් ඈහුවෙ නෑ, බෑරිම තෑන බයික් 1 යතුර දිල, දේයියන් බුදුන් සිහිකරගෙන මම පිටිපස්සෙන් වාඩිඋනා........ (මේකා ගාව කිසිම document 1k නෑ )

දෙයියනේ කියලා 5 kmවිතර යද්දි පොලොසියෙ මහත්තුරු 2න්නෙක් පාරට පෑනල අතදාපි....
සර් වෑඩ්ඩා වගේ ගියා එතෙන්ට,,,,,,,
මමත් රාත්ත්‍රිය පොලිසියෙ ගත කරන හෑටි මතක් කරමින් සර්ගෙ හත්මුතු පරම්පරාවම මතක් කර කර සර්ගෙ පස්සෙන් ගියා....

පොලිස් - මහත්තයලා මේ රෑ කොහෙද ගියෙ?
සර් - අනේ සර් අපේ කලපෙ හු**ගෙ ප්‍රින්සිපල්ලා මට එන්න කියලා අරක්කු පෙව්වනෙ
පොලිස් - මහත්තයා කව්ද?
සර් - මම ...... ඉස්කොලේ හිටපු ප්‍රින්සිපල් නෙ
පොලිස් - සර් කෙනෙක් ඔහොම හෑසිරෙනවද? ගන්නවා බලන්න ලයිසන් 1?
සර් - ලයිසන් 1 නෑනෙ..... (සර් දෙකට නෑමිල උත්තර දෙනවා)
පොලිස් - ගන්නවා බලන්න අයිඩින්ටි කාඩ් 1?
සර් - අයිඩින්ටි කාඩ් 1ත් නෑනෙ...... (ආයෙත් දෙකට නෑමිලා )
පොලිස් - ඔයගේ ලයිසන් 1ත් නෑ, අයිඩින්ටි කාඩ් 1ත් නෑ, අරක්කුත් බීලා, තමුසෙට අපි මොකඩ කරන්න ඔනෙ.....
සර් - (මේ පර 4ට විතර නෑමිලා පොලිස් කාරයාගෙ කනට කරලා කියපි ) ඔන්න ඔහෙ අපිව ටිකක් බයකරලා යවන්න ....

වැඩිම සැප

එක දවසක් කොල්ලෙක් තරු හතේ හෝටලේක තිබ්බ උත්සවයකට ගිහින් හදිස්සියෙම අංක දෙකේ වැඩේට වැසිකිලියට යන්න සිද්ද වුනා.. දන්නවනේ බොකක් කියල..ඉතින් පොර හදිස්සියට ගිහින් තියෙන්නෙ ලේඩිස් වොෂ් රූම් එකට..

දැන් ඉතින් ගියානෙ කරන්න දෙයක් නෑ පොර කොහොම හරි වැඩේ කරල බලන කොට හෝදන්න කරන්න කිසි දෙයක් නෑලු අඩුම ගානෙ ටොයිලට් පේපර් කෑල්ලක්වත් නෑලු..

ඉතින් මූ වටපිට බලනකොට පොඩි ස්විච් හතරක් තියෙනවලු..WW / WA / PP / APR කියල ඕවගෙ අකුරු කොටල තිබ්බලු..

ඉතින් පොර නිකමට වගේ සැකේට WW එක ඔබල බැලුවලු..ෂා පට්ට ආතල් රොබෝ අතක් වගේ එකක් ඇවිත් උනුවතුර පාරක් අල්ලනවලු පස්ස පැත්තට පොර හොදට හෝදල දැම්මලු..

ඊට පස්සෙ පොර ආයෙත් මොකද වෙන්නෙ කියල බලන්න එක්ක WA එකත් ඔබල බැලුවලු..ඒක එබුවට පස්සෙත් රොබෝ අතක් වගේ එකක් ඇවිත් උනුසුම් වායු දහරාවක් ඇල්ලුවලු..පස්ස හොඳට වේලල දුන්නලු..අර හෙයා ඩ්‍රයර් එකෙන් වගේ හරිය..

මීට පස්සෙ පොර ආයෙත් PP කියන ස්විච් එකත් ඔබල බැලුව..එතකොට පොඩි පවුඩර් මලක් වගේ එකක් ඇවිත් හොඳ පවුඩර් පන්ච් එකක් දුන්න..ඒකත් මාරම ආතල්ලු..

මේකත් ඉවර වුනහම පොරට හිතුනලු මේ තුනටම වඩා සැපක් අනිවාර්යයෙන්ම හතර වෙනි එකෙන් හම්බවෙයි කියල.. APR එකත් එබුවලු.. එබුවට පස්සෙ පොරට පොඩි වේදනාවක් වගේ දැනුනලු..

ඇහැරෙන කොට හිටියෙ ඉස්පිරිතාලෙ ඇඳක් උඩලු..පොරට හිතා ගන්නවත් බෑලු වෙලා තියෙන දේට..ඉතින් මූ ඉස්පිරිතාලෙ නර්ස් කෙනෙක්ට ඇත්ත විස්තරේ කියල ඇහුව දැන් මොනවද වෙලා තියෙන්නෙ කියල..

නර්ස් මෙහෙම කියනව "ඔයා ඔබල තියෙන්නෙ වැරදි ස්විච් එකක් APR කියන්නෙ Automatic Pad Remover කියන එකනෙ රොබෝ ගානට තැනට ගිහින් අහුවෙන එක අරන් දාල.. රොබෝට අහුවෙලා තියෙන්නෙ ඔයාගෙ බෝල දෙක.. ඉතින් රොබෝ ඔයාගෙ බෝල දෙක ගලවල අරගෙන.. දැන් ඉතින් කරන්න දෙයක් නෑ.."

වෙලාව හොඳයි

ඡයවීර තමාගේ රථය නගරය දෙසට පදවමින් සිටියදී
හදිසියේම මිනිසෙකු හැපුනි..
ඡයවීර අනතුරට පත් පුද්ගලයාව සනසවමින් මෙසේ කීය...

ඡයවීර : මොනව වුනත් තමුසෙගේ වෙලාව හොඳයි...
මිනිසා : ඒ මොකද...?
ඡයවීර : තමුසේ මගේ වාහනයට හැප්පුනේ හරියටම
දොස්තර මහත්තයගේ ගෙදර ලගඳී...
මිනිසා : මම තමයි ඕයි....... දොස්තර

Wednesday, August 7, 2019

යක්ෂණියක්

එය දික්කසාද නඩුවකි. පැමිණිලිකරු තම ඉල්ලීම විනිශ්චයකාරතුමා හමුවේ ඉදිරිපත් කරමින් සිටියේය.
‘මට බෑ හාමුදුරුවනේ තවදුරටත් මේ ගෑනිත් එක්ක පවුල් කන්ඩ. මේ ගෑනි යක්ෂණියක්. මගේ අතින් පොඩි අත්වැරැද්දක් වුණු ගමන් මේ ගෑනි ගෙයි තියෙන බඩු මුට්ටුවලින් දමලා ගහනවා. සපත්තු, සෙරෙප්පු, හට්ටි මුට්ටි, වළන් පිඟන්... අතට අහුවෙන ඕනැම දේකින් දමලා ගහනවා. ඒ හින්දා මට ඕනෙ මේ ගෑනිගෙන් දික්කසාද වෙන්ඩ.’ බැඳපු දා ඉඳලා අවුරුදු 15 ක් ම ඔය ගෑනි ඔහොමමයි හාමුදුරුවනේ.’


ඔහුගේ දුක්ගැනවිල්ලට සාවධානව ඇහුම්කන් දී සිටි විනිසුරුවරයා මෙසේ ඇසීය.

‘ඉතින් අවුරුදු 15 ක් තම බිරිඳගේ ...... ඉවසාගෙන ඉඳලා තමා මොකද මේ හදිස්සියෙම දික්කසාද වෙන්ඩ හිතු වේ?’

‘මෙච්චර කාලෙකට ඔය ගෑනි ගහපු දේවල් මට වැදුණේ නෑ හාමුදුරුවනේ. ඒත් මේ ළඟකදි ඉඳලා එයාගෙ ඉලක්කේ හරියටම හරි යනවා.’ ඔහු හැඬුම් ස්වරයෙන් පිළිතුරු දුන්නේය.

Friday, November 11, 2016

හිරවූ පෙම්වතා

දිනක් කපල් එකක් හයිවෙ එකක යනවලු, කොල්ල වාහනෙ වේගය 60 ට නැග්ගුවලු, එතකොට කෙල්ල ගැලෙව්වලු ටී ෂර්ට් එක, 80 දී කලිසම, මෙ විදියට වහනෙ 120 දි කෙල්ල උපන් ඇදුමෙන්ලු. 

පලවෙනි පාරට මේක දැකපු කොල්ලට ආපු වෙගයට වාහනෙ පාලනය කරගන්න බැරුව පාරෙන් ඉවත තිබ්බ ගහක වාහනෙ හැපුනලු. මෙගොල්ලො සීට් බෙල්ට් දාගෙන හිටපු නිසා එච්චර අමරුවක් නැතිලු. ඒ වුනාට කොල්ල වහනෙ අස්සෙ හිර වෙලාලු.ඉතින් කොල්ල කෙල්ලට කිව්වලු ''පාරට ගිහින් උදව් ඉල්ලන්න'' කියලා. කෙල්ල කිව්වලු '' මගෙ ඇගෙ එකම ඇදුමක් වත් නැනෙ'' කියලා. කොල්ල බොහොම අමාරුවෙන් බිමට නැමිල සපත්තුවක් ඇහිදල දීල කිව්වලු ''මේකෙන් අතන වහගෙන ගිහින් උදව්වට කවුරුහරි එක්කන් එන්න ''කියලා.

කෙල්ල කොල්ල කියපු විදියට පාරට ගියාලු.ඉතින් පාරෙ ආපු ලොරි කාරයෙක් උපන් ඇදුමෙන් අඞ අඞ ඉන්න කෙල්ල දැකල පට ගාල ලොරිය නවත්තල බැහැල කෙල්ල ලගට ගියාලු. කෙල්ල අඞ අඞ ''මගෙ පෙම්වතා! මගෙ පෙම්වතා! එය හිරවෙලා, අනෙ උදව් කරන්න'' කියල කිව්වලු. මෙක අහලා අන්දුන් කුන්දුන් වෙච්ච ලොරි කාරය සපත්තුව දිහා හොදට බලල කියපි, ''මැඞම්ගෙ කොල්ල ඔච්චර දුර ගිහින් නම් ඉතින් සොරි ඩොට් කොම් තමා!!”

දාවිත් අයියා කොළඹ ගිහින්

ඔන්න එක දොහක් ගමක මනුස්සයෙක්, නම දාවිත් කියලා තමන්ගේ මුණුබුරාත් ඇදගෙන ගමනක් යනවලු සිදාදිය පැත්තේ ගමේ පංසලේ දානේට ඕනකරන බඩු වගයක් ගන්න..

ගොඩ කාලෙකින් යන නිසා දාවිත් උන්නැහේට මැජික් වගේලු එව්වා මෙව්වා ඔක්කොම.ඉතින් සිදාදියේ ඉස්කෝලෙක යන මුණුබුරාගෙන් අහගෙනලු විස්තර දැනගන්නෙත්..


ඔහොම ඔහොම යනකොට ඔන්න තියෙනවාලු වෙනදාට හොඳට කැලේ වැවිලා තිබ්බ ඉඩමක් ඔක්කොම ගස් කපලා එහෙම ලොකූ බෝඩ් එකක් ගහලා.


දාවිත් උන්නැහේ ඒක දැකලා අහනවලු

" මොකක්ද කොලුවේ අර බෝඩ් එකේ ඉංගිරිසියෙන් තියෙන්නේ ? "


"ඒ සීයේ තියෙන්නේ ඩිවලොප්ඩ් ලැන්ඩ් ෆො සේල්..ඒ කියන්නේ සංවර්ධිත ඉඩම විකිණීමට කියලා.."


"අනේ මුන්ට කෝලං..බලහල්ලකෝ වටින ගස් කපලා මොන සංවර්ධනයක්ද.?"


ඔහොම ඔහොම යනකොට වෙනදා පාළුවට තිබ්බ ඉඩමක් පිරෙන්න කාර් සෙට් එකක් තියෙනවලු.


ආයිත් දාවිත් අහනවාලූ..


"මොකක්ද ලමයෝ අර ගහලා තියෙන බෝඩ් එක කියලා"

"ආහ්..සීයේ ඒ තියෙන්නේ රෙන්ට් අ කාර් කියලා"


ඒක නම් දාවිත්ට තේරුණා..ඉතින් දාවිත්
"සිදාදියෙන් එවුන්ට නම් හොල්මං කොළුවො ඇත්තටම..
මොනවටද බං රෙන්ට කාර්..අච්චර කක්කුස්සියි, බඩවැටියි තියෙද්දි.."


කිව්වලු එහෙම..

කීකරු තාත්තා

දවසක් අපේ සෝමේ අය්යට ලොතරයකින් සෙල්ලම් බඩුවක් හම්බ උනාලු...

හැබෙය් සෝමේ අය්යට ලමය් පස් දෙනෙක්ම ඉන්නවා නොවේ...
දැන් සෝමේ කල්පනා කරාලු මේ සෙල්ලම් බඩුව කාටද දෙන්නේ කියල..


සෝමෙට පොඩි අදහසක් ආවලු..

ඉතින් සෝමේ අය්යා තමන්ගේ ලමය් පස් දෙනාවම එන්න කියලා කිව්වලු...
''මට අද සෙල්ලම් බඩුවක් හම්බුනා.. මම මේක වඩාත්ම කීකරු එක්කනාට තමය් දෙන්නේ...
''හරි දැන් කියන්න බලන්න වඩාත්ම කීකරු ළමය මෙතන කව්ද කියල ??''

පොඩි උන් ටික අහසය් පොලවය් බලනවලු..

 එකෙන් ලොකුම එක ඇහුවලු..

''තාත්ත කීකරු කියල අදහස් කරන්නේ මොනවගේ දේකටද ??'' කියල...
ටිකක් කල්පනා කරලා සෝමේ කිව්වලු.. ''හරි අපි මෙහම කියමුකෝ.... ඔයගොල්ලන්ගේ අම්ම කියන දේවල් අහගෙන අම්මට කවදාවත් පිටුපාන්නේ නැතිව එය කියන දේවල් ඒ විදිහටම කරගෙන ඉන්න එක්කෙනාට තමය් මේ සෙල්ලම් බඩුව අය්තිවෙන්නේ'' කියල...

මේක අහපු සොමේගේ ලමය් පස් දෙනා එකපාරටම කිව්වලු
'' එහෙනම් තාත්තේ ඒ සෙල්ලම් බඩුව ඔයාට තමය් අය්ති වෙන්නේ'' කියල...

ඇත්ත කතාව

ප්‍රරකට එෆ්.එම්. ආයතනයක නිවේදිකාවක් වූ මනෝරි හිමිදිරි පාන්දර සේවය සඳහා ගොස් නැවත නිවෙසට එන්නේ හවස් යාමයේ ය.

ඇය නිවසේ නොමැති කාල සීමාව තුළදී ඇගේ දරු දෙදෙනාට කවා පොවා හොඳින් රැක බලාගන්නේ ඇගේ මෑණියන් වන චන්ද්‍රාය.

“ආච්චි අම්මේ, ඔන්න අද අපිට ලස්සන කතාවක් කියල දෙන්න ඕනෙ” මනෝරිගේ දරුවන් දෙදෙනා දිනක් දහවල චන්ද්‍රා වෙත දිව අවුත් කීවෝ ය.


“මං අද ඔය දෙන්නට හුඟාක් ලස්සන කතන්දරයක් කියල දෙන්නංකො. ඔන්න පුතේ දිව්‍ය ලෝකෙ ඉන්න ලස්සන සුරංගනාවියක්, බෝනික්කො වගෙ ලස්සන චූටි ළමයි දිව්‍ය ලෝකෙන් ගෙනල්ලා ඒ ගොල්ලන්ගෙ අම්මලා ළඟින් තියලා යනවා.


දැන්... ඔය පුතාලා දෙන්නත් ඔය ගොල්ලන්ගෙ අම්මට ගෙනත් දුන්නෙ ඒ සුරංගනාවි තමයි.” චන්ද්‍රා කවියක් කියන්නාක් මෙන් ඇද පැද දිග සුරංගනා කතාවකට මුල පිරුවා ය.

“අයියෙ මේ... අපි ආච්චි අම්මට ඕකෙ ඇත්ත කතාව කියල දෙමු ද?” බාල සොයුරා, තම අයියාගේ කනට කොට හෙමින් ඇසුවේ ය.

සේරම හොරු අරන්

තිලංක රාජ්‍ය සංස්ථාවක ඉහළ තනතුරක් දැරූ නිලධාරියෙක්. ඔහු කොළඹ තරු පහේ හෝටලයක තිබුණු රාත්‍රි සාදයකදී පදම ඉක්මවා බිව්වා. ඊට පස්සේ කෑවයින් නොකෑවයින් ඔහු විදුලි සෝපානයට ගොඩවෙලා හෝටලයේ බිම් මහළට ඇවිත්. හෝටලයේ රථ ගාල දිහාට ටිකක් අසීරුවෙන් පිය නැගුවා.

තමන්ගේ වාහනයට ගොඩවෙලා. ඔහු රථය පණ ගන්වන්න හිතාගෙන තම සුරත සුක්කානමටත් දෙපය බ්රේක් පැඩලයටත් තැබුවා. අතයි කකුලුයි නිකම්ම ලිස්සලා ගියාම ඔහු දෑස් පිහදාලා පුදුමයෙන් ඉදිරිපස බැලුවා. වාහනයේ ඩෑෂ් බෝඩ් එකයි, සුක්කානමයි අතුරුදන් වෙලා ඔහු එහෙමම ඉඳගෙන හෝටලයේ ආරක්ෂක අංශයට තම ජංගම දුරකථනයෙන් කතා කළා.


හලෝ මගෙ කාරෙකේ ඩෑෂ් බෝඩ් එකයි සුක්කානමයි හොරු අරගෙන ගිහින්. ඒ මදිවට බ්රේක් පැටල් එකයි ඇක්සලේටරෙයත් නැහැ...” ඔහු මොරදුන්නා.


හෝටලේ ආරක්ෂක නිලධාරියෙක් වහාම කාර් එක ළඟට දුවගෙන ආවා.


“සර්, ඔය කිව්ව මොකවත් නැතිවෙලා නැහැ. සර් ඔය නැඟලා තියෙන්නෙ කාර් එකේ පස්සෙ සීට් එකටනෙ” ආරක්ෂක නිලධාරියා බයාදු ලෙස කිව්වා

මයිකල් ක්ලාර්ක්

පර්ත් සිට ලියමි

තෙරැවන් සරණයි!


මා හිතාදර දිල්ෂාන් අයියා වෙත,


ඔබව නායකත්වයෙන් නෙරපීමට යන බව මට විශ්වාස කටයුතු මාර්ගයකින් දැනගන්න ලැබුන .මාත් සමගම නායකත්වයට පත් වෙලා සැමගෙන්ම බැනුම් අහන ඔබ ගැන මට අවංකවම ඇත්තේ දැඩි කණගාටුවක්. දිවා රෑ නොතකා පඩි නොගෙන සේවය කරලත් ඔබට බැනුම් අහන්න වෙන එක මට මාර දුකකි. එත් ඉතින් මොනවා කියල කරන්නද .ඕස්ට්‍රේලියාවේ එක් දින තරගාවලිය වෙනකම් captaincyඑක තියාගන්න ට්‍රයි කරපන් මචං.

මෙහෙ ආවම ඉන්දියාවට ගහල අපියි උඹලයි ෆයිනල් සෙට් වෙමු. මම උඹට cup එක අරගෙන දෙන්නම් ශේප් එකේ. ඇත්තෙන්ම මම ශ්‍රී ලංකාවට ඔස්ට්‍රේලියාවට වඩා ආදරෙයි. මම ඉන්දියාවට 329 ගැහුවේ අපිට match එක දිනන්න නෙමෙයි. සවුත් ඇෆ්රිකාවෙන් උඹල කනකොට ඉන්දියාව අපෙන් කනවා දැකල උඹල හොදට සතුටු වෙන හින්දයි.

ඉතින් දිල්ෂාන් අයියේ, මොකක් හරි හදිස්සියක් උනොත් මට ඕනේ වෙලාවක කෝල් කරපන්. මං උඹේ සහෝදරයා කියල හිතපන්.දැන් සල්ලිත් අමාරු ඇති නේ. මං කෑෂ් චෙක් එකක් එවන්නම් හෙටම.ඔක්කොම සනීපෙන් ඉන්නවනේ. උඹල බයවෙන්න එපා. උඹලගෙ දුක නැතිවෙන්න අපි ඉන්දියාවට 4-0 තියල ගහනවමයි. එහෙනම් මං නවතින්නම්.

ක්‍රිකට් වලට අධිපති දෙයියන්ගේම පිහිටයි!


මීට
හිතාදර.
දයාබර.

මයිකල් ක්ලාර්ක් මල්ලි


 

අනාවැකිය

එය ධන කුවේරයකු වූ පාලිත ගේ පුතා එංගලන්තයේ වසර 05 ක් ඉගෙනුම ලබා පෙරළා සියරට පැමිණෙන දිනයයි. පාලිත තම නිවෙසේ පුතු වෙනුවෙන් වෙන්කළ උඩුමහලේ මේසයක් මත මුදල් නෝට්ටු මිටියක්, මත්පැන් බෝතලයක්, බයිබලයක් සහ පිස්තෝලයක් තැබුවේ තම මිතුරු ජිනදාස මහාචාර්යවරයාගේ උපදෙස් අනුවය.

’පාලිත නෝට්ටු මිටිය අතට ගත්තොත් පුතා හොඳ ව්‍යාපාරිකයෙක් වේවි. මත්පැන් බෝතලය ගත්තොත් බේබද්දෙක් වේවි. පිස්තෝලය ගත්තොත් දාමරිකයෙක් වේවි. බයිබලය අතට ගත්තොත් දැහැමි සත්පුරුෂයෙක් වේවි.’ මහාචාර්ය ජිනදාස කියා තිබුණි.

පුතා තම නිවෙසට පැමිණ උඩුමහළට පිවිසෙද්දී පාලිත යුවළ එහි තිරයක් පිටුපස සැඟවී සිදුවන දේ පිළිබඳ විමසිල්ලෙන් සිටියෝය.

පුතා මේසය වෙත පැමිණ, එහි තිබූ භාණ්ඩ හොඳින් නිරීක්‍ෂණය කොට මුලින්ම මත්පැන් බෝතලය අතට ගෙන ඉන් උගුරු දෙක තුනක් බීවේ ය. අනතුරුව මුදල් නෝට්ටු මිටිය ගෙන සාක්කුවක දමා ගත්තේය. පිස්තෝලය රැගෙන ඉනෙහි ගසාගත් හේ බයිබලය අතට ගෙන පහත මාලයට බැස්සේය.

තිරය පිටුපස සැඟවී මේ සියල්ල බලා සිටි පාලිත තම බිරිඳගේ කනට කොට මෙසේ කීවේය.

’හාමිනේ මූ ෂුවර් එකටම ඇමැති කෙනෙක් වේවි.’

අපි හොඳ බඩු

ඔන්න දවසක් එක ගැහැණු කෙනෙක් ගියාලු පල්ලියේ පූජකවරයා හම්බවෙන්න. ගිහින් කිව්වලු පූජකතුමනි ” මගෙ ලඟ ඉන්නව ගැහැණු ගිරව් දෙන්නෙක් ” උන්ට හොඳ පට්ටේට කතාකරන්න පුලුවන්. උන් කාව හරි දැක්කම ” හලෝ මේ අපි හොඳ ගොන් බඩු, ගමුද ආතල් එකක්” කියලා අහනවා. මේක මට හරිම ප්‍රශ්නයක්, වස නවනින්ගිරාවයි, ඒ වගේම හරිම ලැජ්ජාවට කාරනයක් කියල කිව්වලු....

මුන් දෙන්නව හදා ගන්න ක්‍රමයක් කියන්නකෝ පූජක තුමනි කියල කිව්වලු......

පූජක තුමා ටිකක් කල්පනා කරල කිව්වලු ”හ්ම්ම්ම්ම්ම් පල්ලියේ මගේ ලඟ ඉන්නව පිරිමි ගිරව් දෙන්නෙක්. මම උන් දෙන්නට කොයි වෙලාවෙත් යාඥා කරන්න උගන්වලයි තියෙන්නෙ. අපි ඒ දෙන්නත් එක්ක ඔයාගෙ ගිරව් දෙන්නව ටික දවසකට තියමු. එහෙම තිබ්බම ඔයාගෙ ගිරව් දෙන්නත් මෙහෙම කියන එක නවත්තල අර විදිහට යාඥා කරන්න පුරුදු වෙයි..

මේ ගැහැණු කෙනා හිතුවලු ෂා…. ඒක නම් හොඳ පට්ට අයිඩියා එකක් තමා කියලා පූජක තුමාටත් ඉස්තූති කරල , එයාගෙ ගිරව් දෙන්නව පල්ලියට ගෙනත් දෙන්නම් කියල පොරොන්දු වෙලා ගියාලු...

එක දවසක් මේ ගැහැණු කෙනා ගිරව් දෙන්නවත් අරගෙන පල්ලියට එනවලු අර පල්ලියේ ඉන්න ගිරවුන්ගෙ කූඩුවට ටික දවසකට දාල මුන් දෙන්නව හදල ගන්න හිතාගෙන. එනකොට දැක්කලු අර පල්ලියේ ඉන්න ගිරව් දෙන්න යාඥා පොත් අතේ තියාගෙන හරිම භක්තියකින් තමන්ගෙ කූඩුව ඇතුලට වෙලා යාඥා කර කර ඉන්නවා. මේක දැක්කම ගැණිටත් හරි සතුටුයි. පූජක තුමා නමෝ විත්තියෙන් අර කූඩුව ඇරල මේ ගැහැණු කෙනාගෙ ගිරව් දෙන්නව ඇතුලට දැම්මලු..

දාපු ගමන් ගැහැණු ගිරවියො දෙන්න කියන්න පටන් ගත්තලු ” හලෝ මේ අපි හොඳ ගොන් බඩු, ගමුද ආතල් එකක්” කියලා.

එතකොට මෙච්චර වෙලා හරිම භක්තියෙන් යාඥා කර කර හිටපු එක ගිරවෙක් අනිත් එකා දිහා බලලා කිව්වලු.....
” ඒයි මචන් ෆිට් එක, ඔය පොත විසි කරල මෙන්න මෙහාට වරෙන් බන් අපි මෙච්චර කල් කරපු යාඥාව දෙවියන්ට ඇහිල කොහෙද , දෙවියො අපිට එළකිරි බඩු දෙකක් එවලා......”

කිකිලිද බිත්තරේද අලුත් Version එක

ABC සමාගමේ CEO තමන්ගේ පෞද්ගලික ලේකම්ට : "සතියකට අපි දෙන්නට ඉන්දියාවේ යන්න වෙනවා,ඒ ටුවර් එක ලෑස්ති කරන්න."

පෞද්ගලික ලේකම් තමන්ගේ සැමියාට : "මට සතියකට බොස් එක්ක ඉන්දියාවේ යන්න වෙනවා,ඔයාට ඒ සතියේ වැඩ තනියම කරගන්න වෙයි"

සැමියා තමන්ගේ අනියම් පෙම්වතියට : "වයිෆ් සතියකට රට යනවා,අපි දෙන්නා ඒ සතියේ කොහේ හරි ඇවිදින්න යමු."

අනියම් පෙම්වතිය තමන් ටියුෂන් දෙන පොඩි පිරිමි ළමයට : "පුතේ මට සතියක දුර ගමනක් යන්න වෙනවා,ඔයා ඒ සතියේ පන්ති එන්න එපා."

පොඩි පිරිමි ළමයා තමන්ගේ සීයාට : "සීයා... සතියක් මට පන්ති නෑ,ටීචර්ට ගමන් යන්න තියනවා කිව්වා,සීයා එන්න මාව බලන්න."

සීයා (ABC සමාගමේ CEO ) තමන්ගේ පෞද්ගලික ලේකම්ට: "මේ සතිය මම මගේ මුනුපුරාව බලන්න යනව,ඉන්දියාවේ ගමන කැන්සල් කරන්න"

පෞද්ගලික ලේකම් තමන්ගේ සැමියාට : "සුභ ආරංචියක් අනේ...අපේ ටුවර් එක කැන්සල් උනා"

සැමියා තමන්ගේ අනියම් පෙම්වතියට : "හරි වැඩේ, වයිෆ්ගේ ටුවර් එක කැන්සල් වෙලා,අපිට කොහෙවත් යන්න වෙන්නේ නෑ"

අනියම් පෙම්වතිය තමන් ටියුෂන් දෙන පොඩි පිරිමි ළමයට : "පුතේ මේ සතියේ පන්ති තියනවා...ඔයා වෙනදා වගේම එන්න"

පොඩි පිරිමි ළමයා තමන්ගේ සීයාට : "සීයා... මේ සතියේ පන්ති තියනවා...සීයා මාව බලන්න එන්න එපා"

සීයා (ABC සමාගමේ CEO ) තමන්ගේ පෞද්ගලික ලේකම්ට: "අපි ඉන්දියාවේ ටුවර් එක යනවා,ඒක ලෑස්ති කරන්න."


1. ABC සමාගමේ CEOට ඉන්දියාවේ යන්න පුලුවන් වෙයිද?
2. පෞද්ගලික ලේකම්ගේ සැමියාට අනියම් පෙම්වතිය එක්ක සතියක් පෙම් කෙලින්න පුලුවන් වෙයිද?
3. පොඩි පිරිමි ළමයට තමන් ගේ සීයා එක්ක සතියක් ගත කරන්න පුලුවන් වෙයිද?

දුම්පානය කරන්නා

දවසක් දුම්පානය කරන්නෙක් ගුවන් තොටුපලකට වෙලා දුම්වැටියක් පානය කරමින් සිටියා.
මේ වෙලාවේ හොද වදගත් පෙනුම තියන මහත්මයෙක් අර දුම්පානය කරන්නා ලගට ගිහින් ඇහුවා

"මහත්මයා දවසකට දුම්වැටි කීයක් පානය කරනවද" කියලා

එතකොට දුම් පානය කරන්නා මහත්මයාගෙන් ඇහුවා
"ඇයි ඔයා ඒ වගේ ප්‍රශ්ණයක අහන්නේ?" කියලා.

වැදගත් පෙනුමැති මහත්මයා මෙහෙම පිලිතුරු දෙනවා
"ඔයා හැමදාම බොන දුම්වැටි වලට වියදම් වෙන මුදල් ඔක්කොම එකතු කරා නම් අද වෙනකොට ඔබ ඉදිරියෙන් තියන ගුවන් යානය ඔබට අයිති කර ගන්න තිබුනා"

එතකොට දුම් පානය කරන්නා මෙහෙම ඇහුවා
"මහත්මයා දුම් පානය කරනවාද?"

මහත්මයා "මම ජීවිතයේ කිසි දවසක දුම් පානය කරලා නෑ" කියලා උත්තර දුන්නා

දුම් පානය කරන්නා ආයෙත් මෙහෙම ඇහුවා
"එතකොට ඔය ඉදිරියෙන් තියන ගුවන් යානය මහත්මයාගෙද"

"අපෝ නෑ" වැදගත් මහත්මයා පිලිතුරු දුන්නා.

"මහත්මයගේ අවවාදයට ගොඩක් ස්තූතියි,ඔය ඉදිරියෙන් තියන ගුවන් යානය මගේ" දුම්පානය කරන්නා පිලිතුරු දුන්නා.

මට තුන් ලෝකෙම පේනවා

ඔන්න මීට අවුරුදු සිය ගණනකට පෙර , අපේ කට්ටිය තවලම් , එහම නැතිනම් දෙපයින් ගමන් ගියකාලේ සිදුඋන දෙයක් මේක , එක්තරා ගමක ගැමි යුවලක් හිටියලු මේ දෙන්නාට හිටියේ එකම එක ලස්සන දූ කුමරියක් ලු , එයා කළු නිසා ( කළු ) ත් ලස්සන මැණිකක් වගේ මේ දෙන්නාට වටිනා නිසා මේ දුවට නම තිබ්බේ කළු මැණිකා කියලාලු .

ගම මාඉයටත් වඩා ගමරාල මේ දුවට ආදරෙලු දුව ලොකු මහත් උනාම , දුව ව ගමේ ගැටයන්ගෙන් බොහොම ප්‍රවේසම් කරගෙන හිටිය ලු , ඒ නිසාම මේ තරුණිය දෙමුපියන්ට හොරෙන් ගමේ වෙළදාමේ එන මරක්කල තරුණයෙක් එක්ක හාද වුනාලු .


අම්ම තාත්ත හේනට කුඹුරට ගියාම මාසෙකට දෙකකට වරක් විතර ගමට එන මරක්කල තරුණය සමග රැඟුම් රඟපාලා දැන් කළු මැණිකාට ඉතින් ගෙදර ඉන්න එපා වෙලාලු ,
එක දවසක් ගැමි යුවල හේනට ගොස් හවස් යාමේ ගෙදරට එනකොට කළු මැණිකා ගෙදර නැහැලු , දන්නා කියන තැන් වල හොයලා බැලුවාට වැඩක් වුනේ නැහැලු , ඔය අතර තුර අර දිවන් ගිය ලොකු සීය වගේ නිමිති බලන , දෙඉයන්ගේ බලෙන් පේන කියන කෙනෙක් ගැන කෙනෙක් විස්තර කීවලු , මේ දෙන්න තීරණය කලාලු එහෙ යන්න . මේ ගමන ටිකක් දුරලු ඒ නිසා ඔය හැලප , අග්ගල වගේ ටිකක් මග කෑමට හදාගෙන , ඊ ළඟ දවසේ අර ගුරුන්නාන්සේ හොයාගෙන පිටත් වුනාලු.


ඒ අතරතුර දුව හොයාගෙන අංජනම් බලන්න ගිය මේ අහිංසක දෙමාපියෝ කළුවර වැටෙනකොට මග තිබුන අම්බලමකට ගොඩවුනාලු රැය ගත කරන්න , ගෙනාපු කෑම ටිකවත් කන්න හිතක් නැතිව දෙන්න අම්බලමේ මුල්ලක රෙද්දක් එලාගෙන ඇල වුනාලු.
කළු මැණිකා අර තරුණයා සමග පැනලා ගිහින් , මේක මේ දෙන්නා දන්නේ නැහැ .


අලුත බැඳපු ජෝඩුවක් මනමාලිගේ ගමේ යනගමන් කළුවර වැටුන නිසා මේ අම්බලමටම රින්ගුවාලු , මේ දෙන්නාත් මුල්ලක දිගා වුනාලු , අපේ ගමරාලට නින්දක් යන්නේ නැහැ දුව ගැන හිත හිතා ඉන්නවා ,අර ජෝඩුවට ඉවසිල්ලක් නැහැ , මනමාලයට ඉතින් අලුත ගත්තු බෛසිකලේ නිසා පදින්නටමලු හිත , දෙන්න හොඳට කළුවර වැටෙන්න ඇරලා වැඩේ පටන් ගත්තලු , උච්ඡතම අවස්ථාව එනකොට කෙල්ලට ”


” අනේ දෙය්යෝ මට තුන් ලෝකෙම පේනවා ” කියා කීය වුනාලු නින්දක් නැතිව දුව ගැන හිත හිතා වුන්න ගමරාලට මේක අහහුනම දිවිය ලෝකේ ගියා වාගේලු ඉක්මනට ළඟ හිටපු මහගෙට වැලමිටෙන් ඇනලා කීවලු “ අහපන් යෝදියේ අපේ කළු මැණිකා ඉන්නේ කොහෙද කියල ” කීවලු

බේබද්දා සහ පාදිලි

කෝච්චියේදී Father කෙනෙක් ළඟ බේබදු මිනිහෙක් වාඩිවුනා.

Father මිනිහ දිසා බලා ඉඳල දැක්ක මිනිහගේ ඇඳුම් ජරා වෙලා තියනවා. තවද මිනිහගේ මුනේ රතු පැල්ලම්ද තිබුන. අනික ඔහුගේ මල්ලේ අරක්කු බාගෙයක් තියනවත් දැක්ක.

දැන් ඒ බේබද්දා පත්තරයක් කියවන්න ගත්ත.

විනාඩි කීපයකට පසු ඔහු " Father , arthritis ( සන්ධි ඉදිමීම ) හැදෙන්නේ කොහොමද.

Father " ඕක හැදෙන්නේ නරක ගෑනු ආශ්‍රය, බේබදු කම, අන් ඇයට අපහාස කිරීම, ගණිකාවන් ආශ්‍රය කිරීම සහ ඇඟපත අපිරිසිදුව තියාගන්න නිසයි".

බේබද්දා "මල කෙලියයි නේ".

Father " ඔබට කොපමණ කලක් සන්දි ඉදිමීම තියනවද?"

බේබද්දා "මටනම් එහෙම ලෙඩක් නැහැ. මම පත්තරේ දැන් කියෙව්වා පාප් තුමාට තියනෙවා කියල. එකයි මම ඇහුවේ.